Pages

Thursday, August 30, 2012

අපට පෙනෙන දෙය හා සත්‍යයෙහි ඇති වෙනස...

බුද්ධාගමට අනුව කිසිවක් නොමැති තැනැත්තාට වඩා හැමදෙයම ඕනෑවටත් වඩා තියන තැනැත්තා අවාසනාවන්තයෙකි. එසේ වන්නේ අප ඉගෙනගත් බටහිර ගණිත ක්‍රමයට අනුව 0 සහ 1 යනු වෙනස් අගයන් වුවත් බුද්ධාගමට අනුව 0=1 වීමය්. එය මෙසේ පැහැදිලි කරමු. සිතන්න ඔබගැන, ඔබට ජීවත් වීමට රැකියාවක්, ඉන්නට ගෙයක්, යන්නට වාහනයක් සහ ආදරය කිරීමට ආදරවන්තයෙක්/ආදරවන්තියක් සිටීනම් ඔබ එය්න් සෑහීමට පත්වනවාද? එසේනම් ඔබ වාසනාවන්තයෙකි. නමුත් සියල්ල සපිරි මන්දිර කිහිපයක් හිමි, වාහන කිහිපයක් ඇති, යන යන තැන ආදරවන්තියන් සිටින කෙනෙක් ගැන සිතන්න. ඔවුන් කිසිදාක එය්න් සෑහීමට පත් නොවෙනු ඇත. ඔවුන් තව තවත් සැපසම්පත් හඹා යන අතර ඒවා ලබාගැනීමට නොහැකි වූ විට දුක්වෙය්. දුක ඇතිවන්නේ එලෙසිනි. එහෙය්න් බලාපොරොත්තුවක් නැති තැන දුකක්ද හට නොගනී. එමනිසා සියල්ල තිබෙන කෙනාත්, කිසිවක් නොමැත්තාත් එකහා සමානය. අපට අපි කියා කීමට මේ ශරීරයවත් හිමි නොමැත. ජීවය හටගන්නේ සිතත් කයත් එක්වීමෙනි. කය සෑදෙන්නේ පරමාණුක අංශු එක්වීමෙන් හා ඒවා විවිධ වූ රසායනික ක්‍රියාකාරිත්වයන්ට ලක්වීමෙනි. සිත ඇතිවන්නේ ලෝබ, ද්වේශ, මෝහ යන තුනෙහි සම්මිශ්‍රනයෙනි. එම සිත සහ කය එක්වීමෙන් ඔබ හා මා වැනි ජීවීන් සෑදේ. නිවන් දකිනවා යනු මේ දෙකෙන් මිදීමය්. එය අපට අපහසු වී තිබෙන්නේ අප මෙලොව ඇති ද්‍රව්‍යමය දේවලට හා හැඟීම් වලට තණ්හාව උපදවා ගැනීමය්. අපසමග සිටින යහළුවකු, ඥාතියකු අපෙන් වෙන්වී ගියවිට වේදනාව ඇතිවන්නේ එමනිසාය. එසේ හෙය්න් කිසිවකුත් නොමැති, තමන්ගේ කියා කිසිවක් නොමැති අයකු, සියල්ල තිබෙන තැනැත්තාට වැඩ වාසනාවන්ත වීම ස්වාභාවිකය. නමුත් එහි අවසනවන්තකම වන්නේ එම පිරිසෙන් බොහෝ දෙනෙකු තමන්ට නැති දේ ගැන දුක්වෙවී දුක උපදවා ගැනීමය්. එවිට ඔවුන් කිසිදාක වාසනාවන්තයන් නොවනු ඇත.
මම මෙය සිතද්දී මගේ ගැනම සිතා බැලුවෙමි. මට තවමත් රැකියාවක් නොමැත, මගේ කියා කීමට වාහනයක්, ගෙයක් හෝ ආදරවන්තියක්ද නොමැත. නමුත් ඔබට පෙනෙන ලෙසම මමත් ඔබ හා සමානවම සතුටින් සිටිමි. ආදරවන්තියක් නොමැති වුවත් සඟයන් හා යහළුවන් නිසා ආදරයක් ලබමි. ඉතින් මම වාසනාවන්තයෙක්ද? අවාසනාවන්තයෙක්ද? මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කියන පරිදි කොල්ලෙක් වූ විට NIGHTLIFE එකක් තිබීම අත්‍යවශ්‍යමලු. කව්රුහරි ඔහුගේ ඇගට ආ විට තරහ යනබව පවසය්. තමන්ටවත් අය්ති නැති සිතක් හා ශරීරයක් ඇති අපට අනුන්ට පීඩා කිරීමට ඇති අය්තිය කුමක්ද කියා ඔබම සිතාබලන්න. තවද ඔබට කිසිවක් නොලැබුන විට ලෝකය කෘරයය් සිත සිතා පසුතැවිලි නොවී තමන්ට තිබෙන දේ ගැන සිතා සතුටුවන්න. හැමදෙයක්ම අවම වශයෙන් තිබෙන තැනැත්තාට තම සිත හා කය යන දෙකින් අනිත් අයට වඩා ඉක්මනින් මිදීමට හැකියාව ඇත. මම මෙය සිංහලෙන් ලියු නිසා අඩුපාඩු තිබුනත් English බාවිතා නොකළේ බොහෝ දෙනෙකුට කියවීමේ පහසුව සඳහාය. තමන්ගේ ලස්සන, තමන්ට ඇති දේ ගැන සිතා අහංකාර නොවී හැමවිටම අනිත් අයගැනත් සිතන්න. ඔබට නැති විශේෂවූ දෙයක් අනිකෙකු සතුව හැමවිටම තිබෙන බැවින් අප කිසිවකුටත් තමන් අනිත් අයට වඩා උසස්යය් සිතිය නොහැක.

1 comment:

  1. Borgata Hotel Casino & Spa: Jobs, Careers, and Reviews
    Borgata 용인 출장샵 Hotel Casino 제주도 출장안마 & Spa provides entertainment, dining and more 양산 출장안마 on the East Coast than 문경 출장샵 any other independent hotel company in the United 안산 출장샵 States.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...